BREAKING NEWS
Search

විපක්ෂයේ ලොකුම ලොකු ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට..?

2052

 

දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන සාක්ෂි රැසක් දැනටමත් ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට
ඇත.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ අතර විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයන් 10 දෙනෙකු මේ වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

මේ වසරෙදි දඬුවම් නියම කෙරුණු දේශපාලඥයන් සංඛ්‍යාව තුනකි.

(සුජිත් හේවාජුලිගේ)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *