ඒක තනිකරම මැජික් පන්දුවාරයක්…✨
අන්තිම ඕවරේ බංග්ලාදේශයට දිනන්න ඕනි වුනේ ලකුණු 9යි. නොදැවී ලකුණු 77ක් ලබාගෙන බෝලේ ෆුට්බෝලයක් වගේ පේන බංගලි කැප්ටන් ඒ වෙලාවේ විකට් එකේ…
නායිකාව විදිහට පෙරමුණ අරන් තීරණාත්මක වෙලාවේ අපේ යකඩ කෙල්ල චමරි අතපත්තු එඩිතරව අවසන් පන්දුවාරය යවන්න පන්දුව අතට ගන්නවා.
අවසන් පන්දුවාරයේ පලවෙනි පන්දුවෙන්ම LBW..! දෙවෙනි පන්දුවෙදී නිලක්ෂිකාගේ සුපිරි පන්දු රැකීම හමුවේ Nahida Akter දැවී යනවා. තුන්වෙනි පන්දුවෙදී බංගලි කැප්ටන් ලෝන්ග් ඕෆ් වල හිටපු නිලක්ෂිකාට උඩ පන්දුවක් දෙනවා. සිව්වැනි පන්දුවෙදී Marufa Akter LBW වෙනවා. පස්වෙනි පන්දුවට එක ලකුණයි. අවසන් පන්දුවට ලකුණු නැ…
අන්තිමට අවසන් පන්දුවාරයේ එක ලකුණකට දුවද්දි දැවී යාමකුත් එක්ක කඩුලු 4ක් අරන් එක මොහොතක සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය සතු වුනු තරගය අපේ යකඩ කෙල්ල කනපිට පෙරලනවා.
ඒ වගේම එක්දින ජාත්‍යන්තර ලකුණු 4000 කඩයිම පසුකරා මෙන්ම එක්දින කඩුලු 50 කඩයිමට ද එකම තරගයේදී ලගා වීමට සමත් වුනු චමරි ලකුණු 42කට කඩුලු 4කුත් පන්දු 43කට ලකුණු 46කුත් ලබාගෙන තරගයේ නිල නොලත් වීරවරිය වෙනවා. ❤️🇱🇰
✍️ | Rishie Bro







