BREAKING NEWS
Search

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග

2583

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනයද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවත් එම කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රටින් බැහැරව සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මගහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා ති‍බෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!