BREAKING NEWS
Search

මහීපාල හේරත්ගේ බිරිය අජන්තා නමින් හැදූ වැව් රක්ෂිතයේ හෝටලය කඩා ඉවත් කරන්න නියෝග

1945

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳ වන අජන්තා රූපසිරි හේරත් මහත්මියට අයත්, පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති හෝටල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ. අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් මෙම දැනුම් දීම සිදුකර ඇත.

 

රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල සීමා ලකුණු කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මෙම වැඩපිළිවෙළට සමගාමීව සිදුකළ නිරීක්ෂණවලදී වැව් රක්ෂිත භූමියේ ඉදිකර ඇති මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ අදාළ හෝටලය අනවසර ඉදිකිරීමක් වන බැවින් එය ඉවත් කරගන්නා ලෙස හිටපු ආණ්ඩුකාරවරයාගේ බිරිඳ වෙත නියෝග කළ බවයි.

දැනුම් දී මාසයක් ඇතුළත එම ගොඩනැගිල්ල ඉවත් නොකරන්නේ නම්, රජයේ මැදිහත්වීමෙන් එය කඩා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම්වරයා අවධාරණය කළේය. එම වැව් රක්ෂිතය තුළම තවත් හෝටල් කිහිපයක්, ආගමික සිද්ධස්ථාන මෙන්ම රජයේ නිල නිවාස ද අනවසරයෙන් ඉදිකර ඇති බවට හඳුනාගෙන ඇති අතර, එම ඉදිකිරීම් සම්බන්ධයෙන්ද නුදුරේදීම තීරණයක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!