මීට අවුරුද්දකට කලින් පකිස්තාන කන්ඩායම දැවැන්ත ලෙස කඩා වැටුනා. පසුගිය ලෝක කුසලානයේදී ඔවුන් ඇමරිකාවෙන් පවා පරාජය ලැබුවා. 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පවා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වෙනවා. එහෙම අවධියක 2025දී ඔවුන් තීරණයක් ගන්නවා.
ඒ ඔවුන්ගේ White Ball තරග රටාවට නව පුහුණුකරුවෙක් ගේන්න… වර්තමානයේ ලොව හොඳම කන්ඩායම් මේ දේ කරනවා. White Ball, Red Ball කියන System දෙකට ගැලපෙන පුහුණුකරුවන් යොදා ගන්නවා.
ඒ අනුව තමයි පකිස්තානයත් 2025දී නවසීලන්තයේ පුහුණුකරුවෙක් වන මයික් හේසන් ප්‍රධාන පුහුණුකරු ලෙස කන්ඩායමට ගේන්නේ… හේසන් මීට පෙර නවසීලන්තය, කෙන්යාව වගේම ඉස්ලාම්බාද් යුනයිටඩ් කන්ඩායම සමගත් පුහුණුකරුවෙකු ලෙස වැඩ කලා…
මෙයා ඇවිත් පකිස්තාන විස්සයි විස්ස කන්ඩායමේ දැවැන්ත තීරණ ටිකක් ගන්නවා. ඒ වනවිටත් පකිස්තාන කන්ඩායමේ සුපිරි තරු දෙක වුනේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්…
මේ දෙන්නා මොන තරම් ලකුණු ගැහුවත් ඒවා තරග ජයග්‍රහණය සදහා ලොකු ඉම්පැක්ට් එකක් වුනේ නැ… මේ දෙන්නගෙම T20I ස්ට්‍රයික් රේට් එක 130ට අඩුයි…!
වර්තමාන T20 තරග වටාවේ හොඳ පිතිකරුවෙක්ට තියෙන්නම ඕනි දෙයක් තමයි ස්ට්‍රයික් රේට්… අද අපේ නැත්තෙත් ඕක…
Modern Cricket එක ඇතුලේ පිතිකරුවා මොන ජගතෙක් වුනත් ස්ට්‍රයික් රේට් නැත්නම් ඒ පිතිකරුවාව අයින් කරන්න ලෝකයේ ක්‍රිකට් වලින් ඉස්සරහට යන කන්ඩායම් දෙපාරක් හිතන්නේ නැ…
මයික් හේසන් ඇවිත් බාබර් සහ රිස්වාන් T20 කන්ඩායමෙන් ඉවත් කරනවා. ආයෙමත් ටීම් එකට එන්න ඕනි නම් එයාලට එයාලගේ ස්ට්‍රයික් රේට් හදාගෙන පෙන්නලා එන්න වෙනවා.

DAMBULLA, SRI LANKA – JANUARY 07: Saim Ayub (R) and Sahibzada Farhan (L) of Pakistan during the International T20 series between Sri Lanka and Pakistan at Rangiri Dambulla International Cricket Stadium on January 07, 2026 in Dambulla, Sri Lanka. (Photo by Sameera Peiris/Getty Images)
මේක සුලුපටු තීරණයක් නෙමෙයි.. මේ තීරණය නිසා සමහරවිට පකිස්තාන කන්ඩායම තිබුනටත් වඩා කඩා වැටෙන්න තිබුනා. හැබැයි පකිස්තාන දේශීය පිටියේ විස්සයි විස්ස තරගවල පිතිකරුවන් ගැලපෙන තණතීරු නිර්මාණය වුනා. PSL තරගවල ලකුණු 230+ තණතීරු තිබුනා. ඒක ඔවුන්ගේ දේශීය ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා පෙන්වන්න ලොකු අවස්ථාවක් වුනා.
අපේ කොච්චර කතා කරත් තාමත් සිදු නොවුනු දේ මේක…
ජාතික කන්ඩායමේ ක්‍රීඩකයින් හොඳ නැත්නම් ඒ සදහා ආදේශ කරන්නවත් පිතිකරුවන් නැ.. ඉන්න අතලොස්සයි. නැත්තේ නැ… දේශීය පිටියේ ඉන්න පිතිකරුවන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න ගැලපෙන තණතීරු නිර්මාණය වෙන්නේ නැ…
හැබැයි පකිස්තානයේ PSL වලින් එයාලා ක්‍රීඩකයින් ගෙනාවා. නවකයින්ට අවස්ථාව දුන්නා. බාබර්- රිස්වාන් ගියාට පස්සේ මයික් හේසන් කරපු මේ වැඩේ නිසා ඒ වෙනුවට ආපු ආරම්භක පිතිකරුවන් යුගලය තමයි ෆර්හාන් සහ සයිම් ආයුබ් කියන්නේ…
පෙර තරගයේ වීරයා වුනේ ෆර්හාන්… සයිම් ආයුබ් අද T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල අද අංක එකේ ඉන්නවා.
අපිත් එක්ක පලවෙනි T20 තරගයට ක්‍රීඩා කරපු පකිස්තාන කන්ඩායමේ ස්ට්‍රයික් රේට් 130ට අඩු පිතිකරුවෙක්ට ඉන්නේ සල්මාන් ආගා ඔවුන්ගේ නායකයා විතරයි.
උස්මාන් ඛාන්ගේ T20I ස්ට්‍රයික් රේට් එක අඩු වුනත් T20 ස්ට්‍රයික් රේට් එක 140+… ඒ නිසාම ඔහු ගැනත් වත්මම් පකිස්තානය විශ්වාසය තබා තියෙනවා.
ඔවුන්ගේ Bowling Allrounder විදිහට ක්‍රීඩා කරන ෆහීම් අශ්‍රාෆ්ගේ පවා ස්‍ට්‍රයික් රේට් එක 130ට වැඩියි. අවාසනාවකට අපේ මේ තරගයට ක්‍රීඩා කරපු කන්ඩායමේ කිසිම පිතිකරුවෙක්ගේ ස්ට්‍රයික් රේට් එක 130+ නැ…
ලෝක කුසලානයට තියෙන්නේ තවත් තරග 5යි. මේ තරග 5දී අපිට මිරැකල් කරන්න බැ… මෙවර ලෝක කුසලානය ලංකාවේ ක්‍රීඩා කරත් මෙවැනි පිතිකරන ලැයිස්තුවක් එක්ක ලෝක කුසලානයේ දෙවෙනි වටයට සුදුසුකම් ලබා ගත්තත් ඒකත් ලොකු ජයග්‍රහණයක්… ඒ තරමටම අපේ විස්සයි විස්ස කන්ඩායම කඩාගෙන වැටිලා ඉවරයි..!
විස්සයි විස්සට ගැලපෙන ක්‍රීඩකයින් බිහි වෙන්න ගුණාත්මක දේශීය විස්සයි විස්ස තරගාවලියක් අවශ්‍යයි. LPL එකෙන් කවදාවත් ක්‍රීඩකයින් බිහි කරේ නැ… LPL එක හරි කමක් නෑ ක්‍රමවත් විදිහට කරන්න ඕනේ… පිතිකරුවන්ට ගැලපෙන තණතීරු හැදෙන්න ඕනේ…
සාමාන්‍යයෙන් දඹුල්ල, පල්ලෙකැලේ සහ SSC මේ ක්‍රීඩාංගණ තුනේම දැන් අපිට පිතිකරුවන්ට හොඳ තණතීරු හදන්න පුළුවන්… හම්බන්තොට වේග පන්දු යවන්නන්ට වාසිදායක ලෙස සකසන්න පුළුවන්… ප්‍රේමදාස නම් කොහොමත් කුඹුරක්…
වෙනදා වගේ ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත වයසක උන්දැලගෙන් මේක පුරවා ගන්නේ නැතුව ඒ අයට පාඩුවේ ලෙජන්ඩ් ලීග් ගහන්න දීලා නවකයින්ට අවස්ථාව දෙන්න ඕනි..!
ෆේවරේශන් නැති ප්‍රධාන පුහුණුකරුවෙක් ගේන්න ඕනි.. විදෙස් පුහුණුකරුවෙක් නම් වඩාත් හොඳයි. විශේෂයෙන්ම අපේ White ball format එකට… පකිස්තානයේ මයික් හේසන් ඇවිත් ගත්තා වගේ තීරණ ගන්න ඕනි. T20 ගහන්න පුළුවන් ක්‍රීඩකයින් පිරිසක් හොයාගන්න ඕනි… ඒ අයට අවස්ථාව දෙන්න ඕනි…

Sri Lanka’s captain Dasun Shanaka (L) and Dhananjaya de Silva react as they walks back to the pavilion after Pakistan won the first Twenty20 international cricket match between Sri Lanka and Pakistan at the Rangiri Dambulla International Stadium in Dambulla on January 7, 2026. (Photo by Ishara S. KODIKARA / AFP via Getty Images)
ෆේල් වුනත් කොන්ෆිඩන්ස් දීලා ඉත්තෝ වගේ තැනින් තැනට අදින්නේ නැතුව එයාලට එයාලා ගැලපෙන තැන්වල ස්ථාවර කරන්න ඕනි… ඒ අතරේ A කන්ඩායමටත් T20 ගහන්න පුළුවන් ක්‍රීඩකයින් ගේන්න ඕනි…
A ටීම් තරගවල T20 තරග අවස්ථා වැඩිපුර ක්‍රීඩකයින්ට දෙන්න කටයුතු කරන්න ඕනි… මේ දේවල් ටික මූලිකව කරොත් තව අවුරුද්දක් දෙකක් යද්දිවත් T20 ගහන්න පුළුවන් කන්ඩායමක් බිහි වෙයි.
හැමදාම කරේ වෙනස් කරනවා කියලා පරණ තැටියම ආපහු ප්ලේ කරපු එක… මේ තැටිය දැන් ගලවලා දාන්න ඕනේ… රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ඕනි ප්ලෙයර්ස්ලා ටිකක් හොයාගන්න ඕනි…
මුරලි ලස්සන කතාවක් කියනවා. පරිපාලනයේ ප්‍රශ්න ඉස්සරත් තිබුනා. හැබැයි ක්‍රීඩකයෝ රට වෙනුවෙන් සෙල්ලම් කරා…
අද නැත්තේ ඕක… ඉස්සරත් පරිපාලනයේ ප්‍රශ්න තිබුනා. ක්‍රීඩකයින් අතර පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් අතරත් ප්‍රශ්න තිබුනා. හැබැයි ඒ සේරම ලයින් එක ඇතුලට ගියාම එයාලා අමතක කරලා රට දිනවන්න සෙල්ලම් කරා…
හැබැයි අද මේ ගොල්ලෝ ක්‍රිකට් ගහන්නේ ෆැශන් එකට… හෙයාර් ස්ට්‍රයිල් කරලා ටැටූ ගහගෙන බ|ඩුවක් ගහලා සැපක් අරන් මාසයක් ගානේ ලැබෙන ලක්ෂ ගානක වැටුප අරන් ජීවත් වෙන්න. එතැනින් එහාට ලොකු ලොකු හීන ඔතන ඉන්න ගොඩාක් අයට නැ.. හිටියත් ඒ තියෙන්නේ අතලොස්සකට විතරයි.
දක්ෂතා මත වැටුප් ලැබෙන විදිහට අනිවාර්යයෙන්ම මේ අයගේ වැටුප් හදන්න ඕනි.. එතකොට රට ගැන හැගීමක් නැත්නම් තමන්ගේ රස්සාව රැකගන්න හරි මීට වඩා උනන්දු වෙලා හොඳ ක්‍රිකට් එකක් ගහන්න බලයි.
හැමදාම තරග පරදිනකොට චෝදනා එල්ල වුනේ පුහුණුකරුට, තේරීම් කමිටුවට සහ පරිපාලනයට.. මේ ඒ කවුරුත් සුද්ද කරනවා නෙමෙයි… හැබැයි මේ හැමෝම තරග පරාජන් වලට වගකිව යුතුයි. විශේෂයෙන්ම ක්‍රීඩකයින්…
මොන දේ කරත් අන්තිමට ක්‍රීඩා කරන්නේ ඔවුන්… මීට වඩා ඔවුන් ඔවුන්ගේ හම්බ කරන් කන රස්සාවට සාධාරණයක් ඉටු කල යුතුයි..! අමතක කරන්න එපා ලෝක කුසලාන ජර්සියවත් නැතුව ආපු ඩැරන් සමීගේ කොල්ලෝ ටික එදා 2016දී කොදෙව් ජනතාව වෙනුවෙන් ලෝක කුසලානයක් ඉස්සුවා..!
දැන් අපිට ඕනි දිනන්න උණ තියෙන ක්‍රීඩකයින්… ඒ සදහා පරිපාලනය තේරීම් කමිටු පුහුණුකරුවන්, මාධ්‍ය, ප්‍රේක්ෂකයන් ඇතුළු පාර්ශ්වයන් රැසකට වගේම විශේෂයෙන් ක්‍රීඩකයින්ටත් ලොකු වගකීමක් තියෙයි..
✍ | Rishie Bro







