BREAKING NEWS
Search

අපේ උන්ගෙත් කුඩු අල්ලනවා.. බේරන්න කවුරුත් නෑ.. මහින්ද රාජපක්‍ෂ වගේ ගිහිං බදාගන්නෑ..

435

 

මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුෙම්දී අපේ එකෙක් උනත් බේරගන්න කිසිවකුත් නැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ වගේ අල්ලනකොට ගිහින් බදා ගන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

අද නීතිය ඉතා තදින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත් කවුද කියා නොබලා එය ක්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඔහු අපේ එකෙක් වුණත් බේරගන්න කිසිවකුත් නැති බවත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටිය අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!