BREAKING NEWS
Search

පද්මේගේ උඩුගම්පල හෝටලයක් හා ඉඩමක් සතියකට තහනම්

898

මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් අපරාධ ක්‍රියා මගින් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 500ක් වටිනා දේපළ තොගයක් අධිකරණ නියෝගයක් මත ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මෙම වත්කම්, “කෙහෙල්බද්දර පත්මේ” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන

මන්දිනු පත්මසිරි පෙරේරා නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බව හඳුනාගෙන ඇත. මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.

 

 

මෙලෙස ක්‍රියා විරහිත කරන ලද දේපළ අතර උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි වත්කම් දෙකක් වෙයි. ඒ යටතේ, රුපියල් ලක්ෂ 200ක වටිනාකමකින් යුත්, කාමර හයකින් සමන්විතව අඩක් නිම කර ඇති හෝටල් ගොඩනැගිල්ලක් සහ ඊට යාබදව පිහිටි රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා පර්චස් 20ක ඉඩමක් ද වේ.

2025 ඔක්තෝබර් 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින හතක කාලයක් සඳහා මෙම දේපළ මෙසේ ක්‍රියා විරහිත කර ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කර තිබේ. තවද, පනතේ විධිවිධානවලට අනුකූලව මෙම දින හතක කාලසීමාව තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා මහාධිකරණය වෙත කරුණු දැක්වීමට ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අපේක්ෂා කරන අතර ඔවුන් විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!