BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමට අවසර

332

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් අවකාශය හරහා යාමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ගුවන් සීමාව හරහා පියාසර කිරීම සඳහා ඉල්ලීමක් ඊයේ දහවල් 1.00 ට ලැබුණු බවත්, ඒ සඳහා වන අවසරය එම අවස්ථාවේ දී ලබා දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ආධාර රැගෙන යන ගුවන් යානා අවම පැය හතරක දැනුම් දීමේ කාලයක් තුළ නිෂ්කාශනය සකසන බව පාකිස්ථාන රජයට ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!