BREAKING NEWS
Search

ගංව­තු­රට හසු වූ නිවාස පවිත්‍ර කර­ගන්න රජ­යෙන් දෙන රු.25,000 මේ සතියේ ගෙවා නිම­ක­රන්න -ජන­ප­ති­ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

141

ගංව­තු­රට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජ­යෙන් ලබා දෙන රුපි­යල් 25,000ක දීම­නාව මෙම සතිය තුළ මුදල් ගෙවා අව­සන් කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

මධ්‍යම කඳු­ක­රය රැක­ගැ­නීම සඳහා ස්ථීර විස­ඳු­මක් සෙවීමේ රජයේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ වන­විට අව­දා­නම් කලා­පයේ පව­තින නිවාස 15,000ක් හඳු­නා­ගෙන තිබෙන බව සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා, 2026 වසර අව­සන් වන­විට එම ජන­තාව වෙනු­වෙන් ඉදි­වන නිවාස 8,000ක කට­යුතු සම්පූර්ණ කිරී­මට අපේක්ෂා කරන බවද සඳ­හන් කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා එම අද­හස් පළ කළේ, ව්‍යසන කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාර­යට සහ­භාගි වෙමිනි. එය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (15) පෙර­ව­රුවේ පැවැ­ත්විණි. ජාතික ආපදා කළ­ම­නා­ක­රණ ඒකා­බද්ධ යන්ත්‍ර­ණ­යක් සැක­සීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළ­ම­නා­ක­රණ පනත සංශෝ­ධ­නය කිරී­මට අදාළ පත්‍රි­කාව සභා­ගත කිරීම ද මෙහිදී සිදු විය.

2016 වසරේ සිදු වූ ගංව­තුර හේතු­වෙන් හානි පූර්ණය සඳහා රුපි­යල් බිලි­යන 7.51ක් ජන­තා­වට ලබා දුන් නමුත්, ප්‍රති­ර­ක්ෂණ ප්‍රති­සා­ධ­නය සිදුව ඇත්තේ රුපි­යල් බිලි­යන 1.42ක් බැවින්, එහිදී රජ­යට රුපි­යල් බිලි­යන 5.79ක පාඩු­වක් සිදුව ඇති බව මුදල් අමා­ත්‍යාං­ශය හඳු­නා­ගෙන තිබෙන බව මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා මෙහිදී අනා­ව­ර­ණය කළේය.

එම රක්ෂණ ක්‍රමය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යන්නේ නම් එය රජ­යට වාසි සහ­ගත සහ ප්‍රති­ලා­භීන්ගේ ආර­ක්ෂාව උප­රි­ම­යෙන් සැල­සෙන පරිදි වන රක්ෂණ ක්‍රම­යක් විය යුතු බවත්, එය නැව­තත් ආරම්භ කරන්නේ නම් විශේ­ෂඥ උප­දෙස් ලබා­ගෙන එහි අත්‍ය­වශ්‍ය සංශෝ­ධන සිදු කළ යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

බහු-පාර්ශ්වික ප්‍රවේ­ශ­යක් තුළින් වතු ප්‍රදේ­ශ­වල නාය යෑම් අව­දා­නම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්ව­ක­රු­වන්, වතු හිමි­යන් සහ පළාත් පාලන ආය­තන අතර සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් ජලා­ප­ව­හන පද්ධ­තිය ඉදි­කි­රීම, ප්‍රති­සං­ස්ක­ර­ණය ඇතුළු ක්‍රියා­කා­රී­ත්ව­යන් සඳහා නිර්දේශ ලබා­දීම සහ සහ­තික කිරීමේ යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කිරීම පිළි­බ­ඳ­වද මෙහිදී අව­ධා­නය යොමු කෙරිණි.

එමෙන්ම, මධ්‍යම අධි සංවේදී කලාප (Central Fragile Area) කළ­ම­නා­ක­රණ සැලැ­ස්මක් සකස් කිරී­මට අදා­ළව තාක්ෂ­ණික කණ්ඩා­යම් පිහි­ටු­වීම සහ අදාළ සියලු ආය­ත­න­වල තොර­තුරු ඒකා­බද්ධ කර­ගත් සැලැ­ස්මක් සකස් කිරී­ම­ටත්, එම දත්ත­ව­ලට සියලු ආය­ත­න­ව­ලට ප්‍රවේශ විය හැකි ආකා­රයේ ඒකා­බද්ධ ඩිජි­ටල් වේදි­කා­වක් සකස් කිරීම පිළි­බ­ඳ­වත් අව­ධා­නය යොමු විය.

විනි­වි­ද­භා­වය තහ­වුරු කර­මින් ලැබෙන සිය­ලුම විදේශ සහ­නා­ධාර (සැප­යුම්) සම්බ­න්ධී­ක­ර­ණ­යට අදා­ළව විදේශ සහ­නා­ධාර සම්බ­න්ධී­ක­ර­ණය සඳහා වන කමි­ටුව ස්ථාපිත කිරීම සඳහා අනු­මැ­තිය ලබා දීම සහ ඊට අදාළ බල­තල පැව­රීම පිළි­බ­ඳව ද සාකච්ඡා කෙරිණි.

ව්‍යසන කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසු­ගිය අගෝස්තු 07 වැනිදා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ අතර, හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැ­ම්බර් 27 වැනිදා රාත්‍රියේ නැවත රැස් විය. දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ජන ජීවි­තය සාමාන්‍ය තත්ත්ව­යට ගෙන ඒම වෙනු­වෙන් අවශ්‍ය ප්‍රති­ප­ත්ති­මය තීන්දු තීරණ ගනි­මින් ආය­ත­නික මඟ­පෙ­න්වීම වෙනු­වෙන් එය ඊයේ මෙලෙස ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස් විය.

දිව­යින පුරා පුද්ග­ල­යන් මිලි­යන 2.2ක් දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් බල­පෑ­මට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ. ඒ අනුව සුර­ක්ෂිත මධ්‍ය­ස්ථාන 796ක, පුද්ග­ල­යන් 72,911ක් 14 දින වන­විට රැඳී සිටින බව ආපදා කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා මෙහිදී සඳ­හන් කළේය. එම ජන­තා­වට සහන සැල­සීම, යළි පදිංචි කිරීම සහ ජීව­නෝ­පාය මාර්ග යළි ගොඩ­න­ඟ­මින් ජන ජීවි­තය සාමාන්‍ය තත්ත්ව­යට පත් කිරීම වෙනු­වෙන් ආරම්භ කර ඇති වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ගංව­තු­රට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජ­යෙන් ලබා දෙන රුපි­යල් 25,000ක දීම­නාව ලබා­දී­මේදී මතුව ඇති ගැටලු පිළි­බ­ඳ­වද මෙහිදී අව­ධා­නය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනි­මින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අව­සන් කරන ලෙස ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

දත්ත රැස් කිරී­මේදී සහ යාව­ත්කා­ලීන කිරී­මේදී මතුව ඇති ගැටලු පිළි­බ­ඳව විශේෂ අව­ධා­න­යක් යොමු කෙරුණු අතර එම කට­යුතු සඳහා විධි­මත් ක්‍රියා­ව­ලි­යක අව­ශ්‍ය­තාව මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු විය. ඒ වෙනු­වෙන් නීති සම්පා­ද­නයේ අව­ශ්‍ය­තාව මෙන්ම, ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැට­ලුව සඳහා විස­ඳුම් සෙවීමේ අව­ශ්‍ය­තාව ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත්, කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභ­ය­රත්න, නිවාස, ඉදි­කි­රීම් හා ජල­ස­ම්පා­දන අමාත්‍ය සුසිල් රණ­සිංහ, බල­ශක්ති අමාත්‍ය කුමාර ජය­කොඩි, ප්‍රවා­හන සහ මහා­මාර්ග අමාත්‍ය බිමල් රත්නා­යක, ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නි­ලගේ, අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්, කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති, ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) අරුණ ජය­සේ­කර, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ්, වයඹ පළාත් ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය, මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අබේ­කෝන්, සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න, නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර ජයන්ත ලාල් චන්ද්‍ර­සේ­කර, උතුරු මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත කුමාර විම­ල­සිරි, උතුරු පළාත් ආණ්ඩු­කාර නාග­ලිං­ගම් චේත­නා­ය­හන්, ඌව පළාත් ආණ්ඩු­කාර කපිල ජය­සේ­කර මහ­ත්වරු ද, විප­ක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන එස්.එම්. මරි­ක්කාර්, බී. ආරි­ය­වංශ, පත්ම­නා­දන් සත්‍ය­ලිං­ගම්, අනු­රාධ ජය­රත්න, උදු­මා­ලෙබ්බේ මහ­ත්ව­රුද, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සම්පත් තුයි­ය­කොන්තා, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ඒ.කේ. කරු­ණා­නා­යක, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ජෙන­රාල් සම්පත් කොටු­වේ­ගොඩ මහ­ත්වරු සහ ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් ඇතුළු ආර­ක්ෂක අංශ ප්‍රධා­නීහු සහ රාජ්‍ය නිල­ධා­රීහු ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!