BREAKING NEWS
Search

හිටපු මන්ත‍්‍රී නෝනලා 174කට පෙන්ෂන් ගෙවයි.. වසර හතට කෝටි 218ක්…

442

හිටපු මන්ත‍්‍රී නෝනලා 174කට පෙන්ෂන් ගෙවයි.. වසර හතට කෝටි 218ක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනෙකුට, ඔවුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකුට සහ දරුවන් 7 දෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. 2024 වසරේ පමණක් මෙම කටයුතු සඳහා රුපියල් කෝටි 36කට ආසන්න මුදලක් වැය වී ඇත.

2018 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලය තුළ හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා රුපියල් කෝටි 218ක් පමණ වැය කර ඇති බව පාර්ලිමේන්තු මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

වසර අනුව වියදම් මෙසේය:

2018: රුපියල් කෝටි 21කට වැඩි
2019: රුපියල් කෝටි 28කට වැඩි
2020: රුපියල් කෝටි 35කට වැඩි
2021: රුපියල් කෝටි 31කට වැඩි
2022: රුපියල් කෝටි 33කට වැඩි
2023: රුපියල් කෝටි 32කට වැඩි

රජය මීට පෙර මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන බවට ප්‍රකාශ කළද, මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නොමැති අතර, විශ්‍රාම වැටුප් ගෙවීම අඛණ්ඩව සිදු කෙරේ.

මෙම විශ්‍රාම වැටුප් අහෝසි කළහොත්, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

කෙසේ වෙතත්, නීති විශාරදයින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සකස් කළ නොහැකි බැවින්, හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නීතිමය වශයෙන් ඉඩ අතිශය අවම බවය.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!