BREAKING NEWS
Search

මහ පුරුවල ඉන්නෝනි මේ වගේ මිනිස්සු… රාජ්‍ය සේවයට මල් මිටක්..

959

එදා නොවැම්බර් 28.රටටම මහම මහ කාලකණ්නි දවසක්.දැරණියගලත් එහෙමයි.ගංවතුර ගලල ගෙවල් කීපයක් යටවෙලා.උදේ ඇහැරුන ගමන් නිකමට වගේ ෆේස්බුක් එකට ලොග් වෙච්චි වෙලාවෙ සිද්ධිය දන්නෙ රොශාන් චතුරංගගෙ පෝස්ට් එකකින්..හෝ ගාල වැස්ස.ඒත් තවත් බලන් ඉන්න හිතක් නෑ.රොශාන්ට කෝල් එකක් ගත්තෙ විස්තරේ දැනගන්න.
“මචං මාත් කොටුවෙලා ඉන්නෙ.ලක්මාල්ල එහෙම සෙට් එක බෝට්ටුවලින් යටවෙච්චි කට්ටිය අදිනව.ලක්මාල්ට කෝල් කරපන්”
ඊලඟට ගත්තෙ ලක්මාල් අයියට.
“මල්ලි අපි වැඩ.පුලුවන් නම් Ag office එකට පලයං.එතන අවතැන් වෙච්චි අයට කෑම දෙන්න උයන්න සෙට් කරල තියෙන්නෙ.”
වෙලාවට 7.30යි.ක්ශනිව ලෑස්ති උනා තේකක් බීල ගියා එතනට.ඒ යනකොට කීපදෙනෙක් ඇවිත් හිටිය.තව ටිකකින් උයන්න පටන් ගන්නව,තව කට්ටිය එයි ටිකකින්.එතන හිටපු කෙනෙක් කිව්ව.
පැය බාගයක් විතර යනකොට සෑහෙන්න කට්ටියක් එකතු උනා වලං මුට්ටි හට්ටි හාල් පොල් කරගහගෙන.ඔය අතර කෙනෙක් හිටිය කහපාට බූට් 2ක් දාගෙන ටී ශර්ට් එකක් ඇඳගත්ත.මං හිතන්නෙ වයස අවු 30ක විතර කොල්ලෙක්.ඒ වෙනකොටත් තෙමිල වතුර පෙරාගෙන එහාට දුව දුව වැඩ.හිටිගමන් සාස්පානක් උස්සන් එනව,හාල් මිටියක් උස්සන් එනව,ආයෙ තෙමීගෙන එහාට මෙහාට දුව දුව වැඩ.මං හිතුවෙ අපි වගේම උදවු කරන්න ආපු කොල්ලෙක් කියල.
කොහොමහරි කට්ටියම එකතුවෙලා කෑම ටික හදල පාර්සල් ගහන්න ගත්ත.ඔය අතරෙ වෙලාවෙ හැමෝම ඒ කොල්ලට කතාකලේ සර් කියල.හැමෝම එහෙම කතාකරන නිසාම මං කෙනෙක්ගෙන් ඇහුව ඒ කවුද කියල..
බලනකොට ඒ දැරණිගල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාලු..

ඇත්තටම මට මාරම පුදුම හිතුන.මොකද මහ පුටුවල ඉන්න ඇත්තො හැමදාම කලේ කැරකෙන පුටුවල ඉඳන් පහල උන්ට උපදෙස් දීපු එක විතරයි.හැබැයි එතුම එහෙම කලේ නෑ.කාටවත් වැඩ පවරල බලන් හිටියෙ නෑ.කොටින්ම කාගෙන්වත් උදවුවක්වත් ඉල්ලුවෙ නෑ තමන් කරන වැඩේට.කවුරුහරි හිතලම උදවුවට එනකන් එතුමගෙ වැඩේ තනියම පටන් ගත්ත.
කෑම ටික පාර්සල් කරල ඉවර වෙලා එතුමගෙ වාහනේට පටවල උදවුවට කෙනෙක් එන්න පුලුවන්ද අහනකොට මං ඉදිරිපත් උනා.මොකද මට හරිම කුතුහලයක් තිබ්බ එතුමට ටිකක් කිට්ටුකරල බලන්න.ඉතිං එවෙලෙ ඉඳන්ම රෑ වෙනකන්ම මට එතුම එක්ක වාහනේ එහෙ මෙහෙ යන්න උනා.එක තප්පරයක් නිකන් ඉන්න නැතුව ඇති එතුම.වාහනේට කෑම ටික පටවන එකේ ඉඳන්ම හැම බරකම පැත්තක් කර ගැහුවෙ එතුම.කැබ් එකේ පිටිපස්සෙ කෑම ටික..ඉතිං කෑම බෙදන පාරක් ගානෙම වාහනෙන් බැහැල පිටිපසට ගිහින් ඕනි කෑම ටික ගන්න.ඒ මදිවට වැස්සෙ අඩුවකුත් නෑ.ඒත් වාහනෙන් අපි බහිනකන් බලන් හිටියෙ නෑ.එතුමම බැහැල තෙමි තෙමී ගිහින් කෑම ටික අරන් බෙදල ඒ මිනිස්සුන්ගෙ තත්වෙත් අහල බලල ,පරිස්සමෙන් ඉන්න උපදෙසුත් දීල තමයි වාහනේට නගින්නෙ.
ඒ අතරතුර අරෙහෙ යටවෙලා,අරෙහෙ නාය යනව ,අතන මිනිසුන්ට කන්න නෑ කියල ආරන්චියක් ආපු ගමන් ආයෙ ඒ තැන් බලල එන්න යනව.උයන පිහන වැඩ ටික බලල එන්න ආයෙත් බහුකාර්‍ය එකට යනව.යන හැමතැනකම මොකාක් හරි වැඩකට සපෝට් එකක් දීලමතමයි එන්නෙ.ඔන්න ඔහොම හුස්මක් ගන්න වෙලාවක් නැතුව,කොටින්ම කන්නෙ බොන්නෙවත් නැතුව පට්ටම ගේමක් ගහපු හරි අපූරු මනුස්සයෙක් තමයි දැරණියගල සහකාර ප්‍රා.ලේකම් තුමා කියන්නෙ.එතුමන් එක්ක දවසම ගෙවපු කෙනෙක් විදියට මං ඇස් දෙකෙන්ම දැක්ක ඒ අපූරු මනුස්සය ගැන යමක් ලියන්නම ඔනි කියල හිතුන නිසයි මං මේ ටික ලිව්වෙ.මොකද ලොකු ලොකු නිලතල දරන උදවිය බහුතරයක් කවදාවත් මිනිස්සු එක්ක හිටියෙ නෑ.එයාල කලේ අනිත් මිනිස්සුන්ට උපදෙස් දීල බලන් ඉන්න එක විතරයි.එවන් රාජ්‍ය නිලධාරින් අතර හරි අපූරු නිලධාරියෙක් තමයි එතුම….මෙන්න මේ වගේ ආදරණීය මානුශීය මිනිස්සු තමයි වගකිවයුතු මහ පුටුවල ඉන්න ඕනි.නැතුව Ac කාමරවල කැරකෙන පුටුවලට විතරක් සීමා වෙච්චි නිලධාරීන් නෙමෙයි.
ඉතිං…දැරණියගල සහකාර ප්‍රා.ලේකම් තුමනි, ඔබතුමාට සුබ අනාගතයක්…ඔබතුමාට බොහොමත්ම ස්තූතියි❤️❤️

@පුබුදු.

————
උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!