BREAKING NEWS
Search

‘ මේ වගේ මිනිස්සු තාමත් ලංකාවේ ඉන්නවා..’ මනුසත්කමින් උසස් උතුම් මිනිසෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න

3329

දවස් 6කට කළින් අලුතෙන්ම ගත්ත I Phone එක ඊයේ නැති වුනා…
පුද්ගලික වැඩ කීපයකට ඊයේ දවසම වගේ ගෙවුනේ කටුනායක එයාපෝර්ට් එකේ…
වැඩ ටික ඉවර වෙද්දී පාන්දර 2 විතර වුනා… මහන්සියටත් එක්ක මාත් එක්ක හිටපු තව අයියා කෙනෙකුයි, මමයි ප්ලෙන්ටියක් ගහලම ඉතුරු වැඩ ටිකට බහින්න හිතාගත්තා, එයාපෝර්ට් එකෙන් මිනුවන්ගොඩට පැත්තට කිලෝමිටර් 2-3ක් එද්දී මේ කඩේන් අපි ප්ලේන්ටි දෙකකුත් ගහලා පිටත් වුනා, අනික් වැඩ ටික කරන්න කිරිබත්ගොඩටත් ආවාට පස්සෙයි දන්නේ මගේ Phone එක මං ගාව නෑ කියලා…
අලුත් Phone එක අරගෙන හරියටම දවස් 6යි…
ඉක්මනටම I cloud එකෙන් Find My Device දීලා Phone එකේ Location Track කරා… Phone එක Active, අර අපි එයා පෝර්ට් එක ගාව තේ බීපු තැනමයි පෙන්නන්නේ… ඉක්මනින්ම මමත් අර අයියත් ඒ කඩයට ගියා…
විනාඩියකට මිනිස්සු 20-25ක් වගේ ගැවසෙන කඩයක්, හිත කිව්වෙම බය වෙන්න දෙයක් නෑ, උඹ වැරදි කරලා නෑ කියලා… තාක්ෂණය මත 100%ක විශ්වාසය තියලා අපි කඩය ගාවට ගියා… යනකනුත් Track කරගෙනමයි ගියේ… තාමත් කඩය ගාව Location පෙන්නවනවා,
කැෂියර් එකේ හිටපු නංගිගෙන් Phone එකක් දාලා ගිහින් තිබ්බාද ඇහුවාම, නෑ කිව්වා… එයා ඇත්තටම ඒ ගැන දැනුවත් නෑ.
කඩෙන් එළියට එද්දිම, මේ අයියා ඇවිල්ලා., Phone එකක්ද හොයන්නේ? ඉන්න මම අරන් තිබ්බා කියලා Phone එක අරන් තිබ්බ තැනින් මගේ අතට දුන්නා… මට මගේ Phone එක හම්බුනා…
මේ වගේ මිනිස්සු ලංකාවේ තාමත් ඉන්නවා! මේ පෝස්ට් එක දාන්නේ ඒ වගේ හැම කෙනෙක්ටම උපහාරයක් වෙන්න…
මේ Photo එක ගත්තෙ ඒ අයියාගේ අහලා!!!

  • vibeethika R Podduwage –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *