“දිට්වා” සුළිකුණාටුවෙන් හා ගංවතුර තත්ත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රුපියල් බිලියන 8ක 9ක පාඩුවක් සිදුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි ගොඩනැඟීමට එකතු වන්නැයි විශ්වවිද්‍යාලයට ආදරය කරන සියලුම දෙනාගෙන් ඒ මහතා ඉල්ලා සිටී.
හදිසි ආපදාවෙන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය, කෘෂිවිද්‍යා පීඨය, සරසවි මැඳුර, නේවාසිකාගාරය, ප්‍රධාන පරිගණක මධ්‍යස්ථානය, ගෘහස්ථ ක්‍රීඩාගාරය, නඩත්තු අංශය ඇතුළු ස්ථාන ජලයෙන් යටවීමෙන් විනාශ වී තිබේ.
කළමනාකරණ පීඨයේ සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර, පර්යේෂණ නිබන්ධන ඇතුළු ගබඩා කර තිබූ සියල්ල විනාශ වී ඇතැයි එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
ගංවතුරින් විශ්වවිද්‍යාලයේ පරිගණක 240ක් විනාශ වී ඇතැයි ද පැවැසේ.
එමෙන්ම කෘෂිවිද්‍යා පීඨයේ විද්‍යාගාර 06ක්, විද්‍යා උපකරණ, පර්යේෂණාගාර, රසායනික ද්‍රව්‍ය, විදුලිජනක යන්ත්‍ර, ජල පොම්ප ඇතුළු වටිනා දේපළ රැසක් ද විනාශ වී තිබේ.
2000 වර්ෂයේ විශ්වවිද්‍යාලයේ ඉදිකෙරුණු ක්‍රීඩාගාරයට ද ගංවතුරින් හානි සිදුවී තිබේ.
ගංවතුරට හසුවීමෙන් වැඩිම මූල්‍ය හානිය සිදුව ඇත්තේ පශු වෛද්‍ය පීඨයට බවද එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පවසයි.
දේපළවලට සිදුවූ හානිය තවදුරටත් ගණනය කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සෙංකඩගල -සමරනායක
Source – Divaina







