BREAKING NEWS
Search

කාණු හිරවී වැස්සෙන් කොළඹ කුණු ගොඩවල් පාරේ පාවේ..!

449

ඊයේ දිනයේ කොළඹ නගරයට ඇද හැලුණු වර්ෂා තත්ත්වය හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකම මාර්ග පද්ධති ජලයෙන් යටවීමක් වාර්තා විය.

මෙම ජල ගැලීම්වලදී, ජලය මත කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකි විය.

ඇතැම් ස්ථානවල ගාල් කර තිබූ රථවාහන පවා අඩකට ආසන්න වශයෙන් ජලයෙන් යට වී තිබීම නගරයේ දෛනික කටයුතුවලට බාධා එල්ල කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, ජල ගැලීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ කසළ හා අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් වැසි ජලය බැස යන කානු පද්ධති අවහිර වීම බවයි.

මෙම කානු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම ද ජල ගැලීම් උග්‍ර වීමට බලපා ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *