BREAKING NEWS
Search

පතිනායක ඉවත් කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

5944

 

 

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලලිත් පතිනායක මහතා තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත.

අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මේ වන විට වැඩ බලන පොලිස්පති ධූරයේද කටයුතු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!