BREAKING NEWS
Search

යාළුවොත් එක්ක අපේ රට බලන්න ආපු ජනප්‍රිය නිළි මන්දනා

396

ඉන්දියාව තුළ මෙන්ම මෙරට තරුණ පිරිස් අතරද ආකර්ෂණීය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

ඇය දකුණු පළාතේ ස්ථාන කිහිපයකම ගොස් ඇති අතර, එහි සුවිශේෂී මත සටහන් සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමේද පළකිරීමට අමතක කර නොමැත.

සිය ඡායාරූප එකතුව සමගින් ඇය පවසා ඇත්තේ, තමන්ට ලැබුණු දින දෙකක නිවාඩුව ගතකිරීම සඳහා සිය යෙහෙළියන් සමග ශ්‍රී ලංකාවට පැමිණි බවය.

හින්දි සිනාමාවට වඩා ජනප්‍රිය තෙළිඟු නිළියක වන මන්දනා දකුණු ඉන්දියාවේ වැඩිම මුදලක් අයකරන නිළියක් වේ.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය, දකුණු ඉන්දීය ජාතික සිනමා සම්මාන 4ක් ඇතුළු සම්මාන රැසකටම හිමිකම් කියයි.

ලොව පුරා ජනප්‍රිය වූ සිනමා පට රැසකටම දායක වී ඇති මන්දනා රංගනයෙන් දායක වූ ‘පුෂ්පා 2’ චිත්‍රපයට ඉන්දීය රුපියල් කෝටි 1700-1800 ආදයමක්ද ඉපයීය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!