BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිල්පිනී සමන්තා, රසිකයින් කඳුළින් නහවා දිවි ගමනට සමුදෙයි

21462

ඇයගේ මේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට දරාගන්න බැරි දුකක්, කම්පනයක් ගෙන දුන්නක්.

ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනියක්වන සමන්තා එග්ගාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඇය 86 හැවිරිදි වියේ පසුවූවා.

ඇය පසුගියදා කැලිෆෝනියාවේ ෂර්මන් ඕක්ස් හි පිහිටි සිය නිවසේදීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ඇයගේ දියණිය වන ජෙන්නා ස්ටර්න් ප්‍රකාශ කර ඇත්තේ, මීට වසර 22කට පෙර ඇය හඳුනා ගත් නිදන්ගත ලිම්ෆොසයිටික් ලියුකේමියාව (chronic lymphocytic leukemia) රෝගී තත්ත්වය ඇයගේ අභාවයට හේතු වූ බවයි.

1960 දශකයේ සිට 1990 දශකය දක්වා දිවෙන ඇයගේ සිනමා දිවිය තුළ විවිධ චරිත ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

“The Collector” නම් වූ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයේ ඇය විසින් රඟපෑ තරුණ ශිෂ්‍යාවගේ භූමිකාව වෙනුවෙනුයි ඇය ඔස්කාර් සම්මාන නිර්දේශයක් හිමි වී තිබෙන්නේ.

“The Collector” චිත්‍රපටයට (1965) රංගනයෙන් දායක වීමට පෙර සමන්තා එග්ගාර් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක පෙනී සිට තිබෙනවා.

“Doctor Dolittle” (1967), “Walk, Don’t Run”, “The Molly Maguires” සහ “The Walking Stick” යන චිත්‍රපටවලට ද ඇය රංගනයෙන් දායක වී වූ නිර්මාණයන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!