BREAKING NEWS
Search

අද සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයි සේවය හැරගියා සේ සැලකේ… අගෝස්තු වැටුපත් නෑ..

1038

නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබා නොගෙන සේවයට වාර්තා නොකර තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එමෙන්ම සියලු තැපැල් සේවකයන්ට අද (22) දිනයේ සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන අතර සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම සිදු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තැපැල්පතිවරයා පැවසීය. වර්ජනයේ නිරත සේවකයන් සඳහා වැටුප් ගෙවීම වෙනුවෙන් මුදල් නිකුත් කළ නොහැකි බවට මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඊට අමතරව සේවයට වාර්තා කරන සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද දන්වා ඇතැයි පැවසුවේය.

ඒ අනුව සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම අනිවාර්යයෙන්ම සිදු වන බව ද තැපැල්පතිවරයා පැවසීය. මේ හේතුවෙන් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සේවකයන්ට දැනුම්දී තිබෙන බව ද හෙතෙම කියා සිටියේය. මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් සවි කිරීමට ද තමන් උපදෙස් දී ඇති බව ද ඒ මහතා පැවසීය.

 

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!