BREAKING NEWS
Search

ජනාධිපති අනුරගෙන් ට්‍රම්ප්ට තුති

315

 

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිය කෘතඥතාව පළ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එලෙස අමෙරිකානු ජනාපතිවරයාට කෘතඥතාව පළ කර ඇත්තේ, අත්‍යවශ්‍ය අවස්ථාවක නැවතත් ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීම සම්බන්ධයෙනි.

‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් පසු, ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට අමෙරිකාව විසින් ඩොලර් මිලියන 2ක් ලබාදීට පියවර ගෙන තිබුණි.

මීට අමතරව අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එක්සත් ජනපදය C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක් ද යෙදවීය.

C-130 ගුවන් යානා කඩිනමින් යෙදවීම සහ අමෙරිකානු ඩොලර් මිලියන 2ක හදිසි ආධාර මගින් දෙරට අතර පවතින කල් පවත්නා සබඳතාවයේ ශක්තිය පිළිබිඹු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!