BREAKING NEWS
Search

සැප්තැම්බර් 21 අනුර ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල නිකුත් වේවි – පාඨලී

1663

රටේ හොරකම පමණක් නොව බොරුව ද නැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව බොරු පොරොන්දු ලබා දී බලයට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ‘නව නීති’ රටට අවශ්‍ය බවයි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ලබන සැප්තැම්බර් 21 වැනිදාට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආකාරයෙන් නිකුත් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඔවුන් මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවත්, ජනාධිපතිවරණය පැවති කාලයේ සැප්තැම්බර් 21 වැනිදාට පෙර වත්මන් රජයේ මැති ඇමතිවරුන් සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිවිරුද්ධ දේවල් වර්තමානය වන විට සිදුකර ඇති බවයි හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!