BREAKING NEWS
Search

අන්තවාදයට මුදල් වියදම් කළ හැටි ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..

427

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට අනාවරණ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(13) කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඔහු සඳහන් කළේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවය.

ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.

Source – Ada Derana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!