BREAKING NEWS
Search

‘FIFA සාම ත්‍යාගය’ ජනාධිපති ට්‍රම්ප් දිනාගනී

193

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී (මෙරට වේලාවෙන් අද අලුයම) එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබීය.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙම වසරේ දී පළමුවරට මෙය හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව එම ත්‍යාගයේ මංගල ජයග්‍රාහකයා බවට ට්‍රම්ප් පත්විය.

‘සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්’ සහ ‘ලොව පුරා ජනතාව එක්සත් කළ’ පුද්ගලයෙකු උදෙසා මෙම සම්මානය ප්‍රධානය කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *