BREAKING NEWS
Search

තීරුබද්ද අඩුකරගන්න කතා කරන්න අමෙරිකාවේ උප ජනාධිපති සහ මෝදි අතර හමුවක්..!

173

අමෙරිකාවේ උප ජනාධිපති ජේ. ඩී. වැන්ස්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවීමට නියමිතව තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලන තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් උත්සන්න වී ඇති වෙළඳ ගැටුම් හමුවේ දෙරට අතර, ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ජේ.ඩී. වැන්ස්ට අමතරව ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් තුන්දෙනා ද ඉන්දියාවේ සිව්දින සංචාරයක් සදහා එක්වීමට ද නියමිත බව වාර්තා වනවා.

පසුගිය 02 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට 26% ක තීරුබද්දක් පනවා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!