BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හැරී කුමරුගෙන් ප්‍රතිචාර

2480

ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නේටෝ භටයින්ගේ කැපකිරීම් ගෞරවය ලැබිය යුතු හැරී කුමරු පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, හැරී කුමරු දෙවරක් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරී සේවයට එක්ව ඇති අතර එහිදි සිය මිතුරන්ගේ ජීවිත අහිමි වී ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නෙටෝ භටයින් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හැරි කුමරු මේ බව සඳහන් කර තිබේ.

ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, අෆ්ගනිස්ථානය මෙහෙයුම්වලදී නේටෝ හමුදා මඳක් පිටුපසුන් ස්ථාන ගතව සිටි බවය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවද හෙළා දැක ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා ඇත්තේ, එය අපහාසාත්මක ප්‍රකාශයක් බවය.

බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින් 457 දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්වූ බව ද හැරී කුමරු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පෙරමුණේ සේවය කළ පෝලන්ත හමුදා 33,000ක් අතර සිටි පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලෝ සිකෝර්ස්කි පවසා ඇත්තේ, අපගේ සොල්දාදුවන්ගේ සේවය සමච්චලයට ලක්කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!