ICC වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වයට චරිත් – ICC වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වයට චරිත් – ලංකාවෙන් තවත් 3ක්..!

admin

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වයට චරිත් අසංලක පත්කර ඇත.

ඔහු සමගින් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හා වනිඳු හසරංගද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට.!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි.

නවසීලන්තයට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවාගනිමින් මහීෂ් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටියි.

ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමිවන ලකුණු..!

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර ඔහු පන්දුව විසිකිරීමට යාමේදී ඇති වූ වැලමිට ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වී ඇත.

ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

ඒ හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කළේය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *