BREAKING NEWS
Search

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන රජය ගත් තීරණය

315

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසීය.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවය.

“මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!