BREAKING NEWS
Search

රාජපක්‍ෂලා රොකට් යවලා ලංකාවේ අභ්‍යවකාශ කොටස ටෙන්ඩර් නැතිව දීලා..- වසන්ත

630

ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එය සමාගමට පමණක් ලබා දී ඇති බවත් ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නැති බවත් හෙතෙම චෝදනා කළේය.

රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ වී 2012 වසරේ ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අභ්‍යවකාශයට සැටලයිට් එකක් යවන්න රටක් විදිහට අපට අයිතියක් තියෙනවා. ඒකෙන් තමයි තොරතුරු බෙදා හැරීමේ සන්නිවේදන ක්‍රියාවලියට සහය වෙන්නේ. 2012 මැයි මාසේ මේ රොකට් එක යවලා තියෙනවා. කොම්පැනිය හදලා තියෙන්නේ මැයි මාසේ.

අද ඇමරිකාවේ බෝයිං ප්ලේන් එකක් ඕඩර් කළොත් අපට ලැබෙන්නේ අවුරුදු 12කින්. මාස පහකින් මේ කම්පැනිය රොකට් එකක් යවනවා. රොකට් එකේ දාලා සල්ලි ටික යැව්වා ද දන්නෑ. එව්වා කියන්න බෑ.

මේ රොකට් එක යවන්න මිලියන 12000ක් ආයෝජනය කළා කියනවා. මේ වැව් බැම්මට යන්නේ මිලියන 1.8යි. 2013 වෙනකොට 12000ත් නෑ. රොකට් එකක් නෑ. මේ වැව හදන්න ගොවි සංවිධානවලට දෙන්න බාධාවක් නෑ.

හැබැයි වෙන කාට හරි දෙනවා නම් ටෙන්ඩර් කරන්න ඕන. අපේ අභ්‍යවකාශ අයිතිය මේ සමාගමට දෙන්න ටෙන්ඩර් දාලත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම්.”

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!