BREAKING NEWS
Search

රමේෂ් පතිරණට පොහොට්ටුවේ තනතුරු දෙකක්

228

 

ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය.

ඊට අමතරව රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙස ද පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (22) පත්වීම් ලිපි ලබා ගත්තේය.

තවද රමේෂ් පතිරණ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පල කලේය.

රමේෂ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක් ද මෙසේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වූහ.

Lankadeepa (යොහාන් භාසුර)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!