BREAKING NEWS
Search

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.. තාත්තගේ කූඩුවටම…

1063

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.

රමිත රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අතර ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ අල්ලස් නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය විසින් නම් කරන ලද්දේ ඊයේ දිනයේය.

අත්අඩංගුවට ගත් සැකකරු ජූනි 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

source: Lanka C News.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!