BREAKING NEWS
Search

රනිල් ඇප මත ගෙදර යන්නත් පෙර තවත් ලොකු ලෙඩක් වැටේ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

9391

ජනාධිපතිවරණයට සමීපව සිදු වූ ස්මාර්ට් බෝඩ් මිලදී ගැනීමක් ගැන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විනිවිදභාවයක් නොමැති බවත්, එහි ගැටලු රැසක් ඇති බවත් පෙන්වා දෙයි.

මෙම ගනුදෙනුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ එවකට තාක්ෂණ අමාත්‍යාංශය (දැනට ඩිජිටල් අමාත්‍යාංශය) ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

එහි මුළු වියදම බදු නොමැතිව රුපියල් බිලියන 1.4 ඉක්මවන අතර, ඉන් රුපියල් බිලියන 1.06ක මුදලක් දැනටමත් ගෙවා අවසන්ය. තවත් රුපියල් මිලියන 700ක පමණ මුදලක් (බදු සහිතව) සේවා ගාස්තු ලෙස ගෙවීමට නියමිතය.

මෙම මිලදී ගැනීම සිදුව ඇත්තේ ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර වන අතර, දින පහක් වැනි කෙටි කාලයක් තුළ එය අවසන් කර ඇත. භාණ්ඩ බෙදා හැරීම සිදුව ඇත්තේ ජනාධිපතිවරණයට සති දෙකකට පෙරය.

කලින් චීන ආධාර යටතේ නොමිලේ ලැබුණු ස්මාර්ට් බෝඩ් 500ක් සහ දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධ ව්‍යාපෘතියක් පැවතිණි. එම දත්ත මධ්‍යස්ථානයට ස්මාර්ට් බෝඩ් 3000ක් සම්බන්ධ කළ හැකි විය. වත්මන් මිලදී ගැනීම් ප්‍රධාන වශයෙන් එම දත්ත මධ්‍යස්ථානය පදනම් කරගෙන සිදු කර ඇතැයි පැමිණිල්ල මගින් චෝදනා කරයි.

මෙම ගනුදෙනුව සිදු කරන අවස්ථාවේදී, සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!