BREAKING NEWS
Search

මහින්ද බලන්න රනිල් ‘කාල්ටන්’ ගිහින්

174

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී (28) පෙරවරුවේ පැවැත්විණි.

ඉහත හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.

තමන් සිරගත කළ අවස්ථාවේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඉහත හමුවේදී රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ට ස්තුතිය පළ කර ඇත.

කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ගේ සැප සනීප සම්බන්ධයෙන් විමසාබලා තිබේ.

හිටපු නායකයන් දෙදෙනා වත්මන් දේශපාලන තොරතුරු මෙන්ම ආගිය කතා කියමින් ‘කාල්ටන්’ නිවසේ මඳ වේලාවක් රැඳී සිට ඇත.

source – the leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *