BREAKING NEWS
Search

රනිල් රාජපක්ෂවරුන්ව අතරමං කරයි

1329

 

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳව නීතිරීතිවලට පිටින් ලබා ගත් වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම සඳහා ගෙනවිත් තිබෙන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කර තිබිණි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මුල සිට ම තම විරෝධය පළ කරමින් ඍජු ස්ථාවරයක සිටියාය.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරමින් දිගටම වරප්‍රසාද ලබා ගැනීම වෙනුවෙන් මුල දී පෙනී සිටි රනිල් වික්‍රමසිංහ ද රාජපක්ෂවරු අතරමං කර එම ක්‍රියාමාර්ගයෙන් බැහැර වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!