BREAKING NEWS
Search

රනිල් විදෙස් ගත වීමේ සූදානමක්..? – ප්‍රංශය, එංගලන්තය සලකා බලමින්..?

7017

 

සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ප්‍රංශය, එංගලන්තය වැනි රටකට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම භාරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකර ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබිණි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති අතර දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය තත්ත්වය මත මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු මුල්කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත දිනවකවාණු යොදාගෙන නොමැති අතර මෙම වසර අවසානයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!