BREAKING NEWS
Search

හදිසි ආපදාවකදී මුලින්ම පැවැත්විය යුතු රැස්වීම ගැන රනිල්ගෙන් හෙළිදරව්වක්

187

 

හදිසි ආපදා තත්ත්වයකදී මුලින්ම රැස්විය යුත්තේ ආරක්ෂක මණ්ඩලය බවත් ඉන් අනතුරුව ඉතිරී රැස්වීම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා කොළඹ මල් පාරේ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

ආපදා කළමනාකරණ පනත තිබෙන විට තව එකක් අවශ්‍ය කුමකට දැයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන බව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහිදී විමසා තිබෙනවා.

” 2004 පටන් අරගෙන ගොඩක් වැඩ කළේ ඔය පනතක් නැතුව”රනිල් ඊට පිළිතුරු ලබාදෙමින් පැවසුවා.

” ආපදා කළමනාකරණයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉතා වැදගත්.

හමුදාව සහ පොලිසිය තමයි මේ වැඩ කටයුතු බාර අරගෙන ඉස්සරහින් ඉන්නේ.

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාර්ගයෙන් මේ වැඩ කටයුතු කරනවා.

2016 ගං වතුර වෙලාවේ එහෙම වැඩ කළේ සී.ඩී.එස්.

ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ඒ වගේ අවස්ථාවක සියලු අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවන්න පුළුවන්.

ආපදාවක් එනවා නම් ඉස්සෙල්ලාම හමුවෙන්න අවශ්‍ය ආරක්ෂක මණ්ඩලය,ඊට පස්සෙ කැබිනට් මණ්ඩලයත්, ආපදා කළමනාකරණ කමිටුවත් රැස් වෙන්න ඕන.

මොකද ඒකේ විපක්ෂ සාමාජිකයෙනුත් ඉන්නවා.තීරණ අරගෙන එහෙම තමයි වැඩ කරන්න ඕන.

” රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසුවා.

“ඒ වගේම අපි ආපදා කළමනාකරණ සැලැස්ම කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා පිට කළා.

ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. නමුත් ඒ වෙනකොට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ආවා.

 

මේ ආණ්ඩුවේ ලේකම්තුමා ඒක ජුලි මාසෙ ක්‍රියාත්මක කළා.එදා ඉඳන් මොකක්ද උනේ.ඒක අපිට කියන්න ඕන.ගත්ත තීරණ රටට කියන්න” රනිල් තවත් අලුත් මාතෘකාවක් එළියට දැම්මා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *