BREAKING NEWS
Search

රනිල්-සජිත් සාකච්චා යලි බිද වැටේ…

1073

 

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්සත් කිරීමේ මෙහෙයුම, ඇතැම් පාර්ශවයන්ගේ පටු දේශපාලන උපායමාර්ග හේතුවෙන් බිඳවැටීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමේ පොදු අරමුණට මුවා වී, සෙසු කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් තමන් වෙත බිලිබාගැනීමේ උත්සාහයක නායකයන් කිහිපදෙනෙකු නිරත වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

සමගි ජන බලවේගයේ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ද මෙම එක්සත් වීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව දැඩි සංවාදයක් මතු විය.

එහිදී පක්ෂ සාමාජිකයන් පිරිසක් නායකත්වයෙන් ප්‍රශ්න කර සිටියේ මෙම සන්ධානගත වීම සැබෑ අවශ්‍යතාව මත සිදුවන්නක් ද යන්නයි. කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ අදාළ සාකච්ඡා තමාගේ මැදිහත්වීම මත ඉතා සාර්ථකව ඉදිරියට යන බවයි.

මෙම සන්ධානය සාර්ථක කර ගැනීමට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ඇතැම් නායකයන් තුළ පවතින තනිව තරග කර ජයග්‍රහණය කළ හැකි බවට පවතින අහංකාරාත්මක විශ්වාසය, නව සන්ධානයක් තුළින් තමන්ගේ නායකත්ව තනතුරු හෝ බලය ගිලිහී යනු ඇතැයි පවතින මානසිකත්වය බව පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නායකත්ව මට්ටමින් මෙවැනි ගැටලු පැවතියද, පක්ෂ දෙකේම පහළ මට්ටමේ ක්‍රියාකාරීන්ගේ මතය වී ඇත්තේ තනි තනිව තරග කිරීමෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි බවයි.

කරු ජයසූරිය සහ නවීන් දිසානායක වැනි නායකයන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම යළි එක්වීම හරහා, එජාපය බෙදී යාමෙන් සිදු වූ දේශපාලන හානිය අවම කරගත හැකි බව පාක්ෂිකයෝ විශ්වාස කරති.

සන්ධානය පිළිබඳ සාකච්ඡා ආරම්භයේදීම එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළ නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් විරෝධයක් මතු වීම, මෙම ක්‍රියාවලිය අවුල් සහගත වීමට බලපෑ තවත් සාධකයක් බව වාර්තා වේ.

මෙම තත්ත්වයන් මත පක්ෂ දෙකේ ඒකාබද්ධ වීම තවමත් අවිනිශ්චිත මට්ටමක පවතී.

උපුටාගැනීම- lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!