BREAKING NEWS
Search

රනිල් Zoom ඔස්සේ දේශපාලනය උගන්වයි

1001

තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ දේශපාලන දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ‘ලර්න් විත් රනිල්‘ (රනිල්ගෙන් ඉගෙන ගනිමු) නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ. සතියකට දෙවරක් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන හරහා,

සහභාගී වන තරුණ තරුණියන්ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සෘජුවම ප්‍රශ්න කරමින් දේශපාලනය පිළිබඳ හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇත. මෙම වැඩසටහන සඳහා එක්වීමට කැමැත්තක් දක්වන අයට Zoom මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස අලුතින් වැඩ භාරගත් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) දින මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එළඹෙන දෙසැම්බර් 10 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ ඩිජිටල් දේශපාලන පක්ෂය බවට පත් කිරීම ඉලක්කය බවයි. එමගින් ගමේ සිටින සාමාන්‍ය සාමාජිකයාට පවා පක්ෂ නායකත්වය සමඟ සෘජුව සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මීට අමතරව, පක්ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල නැවත එළිපෙහෙළි කොට, ජනතාව නිතර ගැවසෙන සක්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. කාන්තා හා තරුණ වැඩමුළු සඳහා පහසුකම් සැලසීමටත්, තරුණයින්ට මෙන්ම ළමයින්ට දේශපාලනය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි පුස්තකාලයක් සහිත ස්ථානයක් බවටත් සිරිකොත පත් කිරීම අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!