වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාට එරෙහිව, හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පවරන ලද දීර්ඝකාලීන නඩු විභාගයක තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
රන්ජන් ජයලාල් මහතා ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යැවූ බවට අධිකරණය විසින් තීරණය කල බව චම්පික රණවක මහතා පවසයි.
අදාළ සිවිල් නඩුව වසර දහතුනක පමණ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය හමුවේ විභාග විය.
මෙහිදී, රන්ජන් ජයලාල් මහතා වරදකරු බවට තීරණය කළ අධිකරණය, පැමිණිලිකාර චම්පික රණවක මහතාට වන්දි මුදල් ගෙවන ලෙසට නියෝග කර තිබේ.
මෙම නඩුකරය පදනම් වී ඇත්තේ, චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වෙත රුපියල් 80,000 ක මුදලක් වියදම් කරමින් කොළඹ සිට ඇඳක් ගෙනගිය බවට රන්ජන් ජයලාල් මහතා සහ තවත් මාධ්‍ය කිහිපයක් විසින් සිදු කරන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයක් මුල් කරගෙනය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා විසින් මෙම නඩු තීන්දුව සහ නඩුකරයේ පසුබිම පිළිබඳව කරුණු හෙලි කරන ලදී.







