BREAKING NEWS
Search

රත්න ශ්‍රී ට හොරණදී ‘කෙළ’ ප්‍රශ්නයක්…

2457

හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා පැමිණි ප්‍රවීණ ගී පද රචක මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පානය කිරීමට සූදානම් වූ ජල වීදුරුවකට එහි සිටි අයෙකු විසින් කෙළ ගැසූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

පසුගිය ඔක්තෝබර් 31 වන දින පස්වරුවේ හොරණ නගර ශාලා ශ්‍රවණාගාරයේදී මෙම සාහිත්‍ය මහෝත්සවය පවත්වා ඇති අතර, එදින පස්වරු 3.30 ට පමණ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ප්‍රධාන දේශනය පැවැත්වීමට කටයුතු යොදා තිබී ඇත.

එසේ වුවද, පැය තුනකට අධික කාලයක් යනතුරුත් ඔහුට දේශනය සඳහා අවස්ථාව ලබා දී නොමැති අතර, මේ හේතුවෙන් ඒ මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට දෝෂාරෝපණය කර තිබේ. පසුව රාත්‍රී 7.00 ට පමණ දේශනය සිදු කිරීමට අවස්ථාව ලැබුණු පසු තමන්ට පානය කිරීම සඳහා ජල වීදුරුවක් ගෙන එන ලෙස රත්න ශ්‍රී මහතා තම රියදුරුට දැනුම් දී ඇත.

උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා යොදවා සිටි කාන්තාවන් දෙදෙනෙකු එම ජල වීදුරුව රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී, සංවිධායක මණ්ඩලයේ සිටි අයෙකු එම ජල වීදුරුවට කෙළ ගසන අයුරු ඔවුන් දැක තිබේ. එම ක්‍රියාවෙන් කම්පනයට පත් අදාළ කාන්තාවන් දෙදෙනා ජල වීදුරුව රැගෙන යාම ප්‍රතික්ෂේප කර හඬා වැටී ඇති බව ද වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා සඳහන් කළේ,

තමන් ආරාධනා ලැබූ වේලාවටත් වඩා මිනිත්තු 30 කට පෙර පැමිණියද, නිවේදකයා අනවශ්‍ය දේ පවසමින් කාලය කා දැමීම හේතුවෙන් තම දේශනය පැයකටත් වඩා ප්‍රමාද වූ බවයි. ඒ සම්බන්ධයෙන් තමන් සංවිධායක මණ්ඩලයට විරෝධය පළ කළ බව ද හෙතෙම පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ වූ බව පැවසූ රත්න ශ්‍රී මහතා, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස නගර සභාවෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, හොරණ නගරාධිපති අනිල් ඉන්දික මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ජල වීදුරුවට කෙළ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!