BREAKING NEWS
Search

අමෙරිකාවේ මිනියාපොලිස්හි ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය “රෙනී නිකොල් ගුඩ්”

751

අමෙරිකාවේ මිනියාපොලිස් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ආගමන හා විගමන (ICE) නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව පිළිබඳ කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රෙනී නිකොල් ගුඩ් නම් 37 හැවිරිදි තිදරු මවක් බව සඳහන් වේ. ඇය මෑතකදී මිනියාපොලිස් නගරයට සංක්‍රමණය වී ඇති අතර, ඇය සම්මානලාභී ගීත රචිකාවියක් සහ ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පිනියක් ලෙසද හැදින්වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට ICE නිලධාරීන් උත්සාහ කිරීමේදී, එම රථය එකවර ධාවනය වීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම සිදුවීමෙන් අනතුරුව, රෙනී නිකොල් ගුඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් මිනියාපොලිස් නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී ඇත. විරෝධතාකරුවන් “Justice for Renee” යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන, අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බවට බලකරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් අදාළ කාන්තාව ‘දේශීය ත්‍රස්තවාදියෙකු’ ලෙස නම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!