BREAKING NEWS
Search

මානව හිතවාදී විජය කුමාරණතුංග සිදුවීමේ පරීක්‍ෂණ කොමිෂන් වාර්තාවත් පාර්ලිමේන්තුවට..!

279

බටලන්ද කොමිසම් සභා වාර්තාව සමඟම තවත් කොමිෂන් සභාවත් වාර්තා තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ඉන් එකක් වන්නේ විජය කුමාරතුංග ඝාතන පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තා බවත් පැවසූ ඔහු ඒවා ඉදිරි දිනවලදී තමන් ගෙනැවිත් සභාගත කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

1989 කාල වකවානුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් 16 දෙනෙකු සහ පාක්ෂිකයන් හයදාස් තුන්සීයක් ඝාතනය වී ඇති බවටද ඔහු චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන්ද කොමිෂන් කොමිෂන් කැඳවා කතාබහ ආරම්භ කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!