BREAKING NEWS
Search

අපේ රට රන් රිදියෙන් සැරසූ සෆියා සහ අමාශා..

494

 

 

ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව (24) සමත් විය.

එහිදී තත්ත්පර 11.53ක කාලයක් ගත කරමින් සෆියා යාමික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී පදක්කම තත්පර 11.72කින් තරගය අවසන් කළ අමාශා ද සිල්වා දිනා ගැනීමට සමත් වූවාය.

ඊට අමතරව ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක් හිමි විය.

පසිඳු මල්ෂාන් ශ්‍රී ලංකාව රනින් සරසයි

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පසිඳු මල්ෂාන් අද (24) සමත් විය.

ඒ පිරිමි තුන්පිම්ම ඉසව්වේදී මීටර 16.19ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

වික්නරාජ් වක්ෂාන්ගෙන් රිදී පදක්කමක්

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ රන්චි හිදි අද (24) ආරම්භ වූ අතර එහිදී පිරිමි මීටර 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් විය.

ඒ විනාඩි 14 යි තත්පර 23.21ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *