දේශපාලන ලොව තවත් එක් ප්‍රබලයෙකු වන තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතා බහ කළා.
තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායකගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන අනෝජ් කුමාරගේ.
විවාහයෙහි සාක්ෂියට අත්සන් කළ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර කතා බහක් සිදුවී නැතත් ඉතා කෙටියෙන් යම් අදහස් හුවමාරුවීමක් සිදු වුණා.
ඉතින් මේ සුවිශේෂී මොහොතේ ඡායාරූප පෙළක් සමඟ තිස්ස අත්තනායක මහතා මෙන්න මේ වගේ සටහනක් ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
“ජීවිත කාලය පුරාම යන ගමනකට සුන්දර ආරම්භයක්..
තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිනි සහ අනෝජ්
ආදරය, සිනහව සහ හෘදයාංගම අවස්ථාවන්ගෙන් වට වූ ඔවුන්ගේ එක්වීම සැමරූහ.
දෙසැම්බර් 9 වන දින කොළඹ පිහිටි සිනමන් ලයිෆ් හිදී පැවැත්විණි
මෙම දිනය ආදරයෙන් සහ සදහටම ලියැවුණු කතාවක ආරම්භය සනිටුහන් කළේය.”








