BREAKING NEWS
Search

වතුරේ ගසා යන යන තරුණයාව යුද හමුදා විජයබා සෙබලු සිය දිවි නොතකා බේරගත් හැටි.!

203

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.

වැව් වාන් දමන අයුරු නැරඹීම සදහා පැමිණි පුද්ගලයකු ජල පහරකට හසුව ගසාගෙන යන බවට සැළවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වු වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් රංගන ගම්ලත්ගේ මහතා ඇතුළු යුද හමුදා සෙබළු සිය ජීවිත පරදුවට තබා ජලයේ ගලාගෙන ගිය පුද්ගලයා බේරා ගැනීමේ මෙහෙයුම සිදුකළහ.

සිය පා පැදිය සමගින් අදාල පුද්ගලයා ජලය ගලාගෙන යන ස්ථානයට පැමිණ අ‍ැති අතර ගමන් එම අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් සිටියහ.

දැඩි පරිශ්‍රමයක් දරා ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා යුද හමුදා සෙබලුන් බේරාගෙන අ‍ාරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.

සිතුම් චතුරංග

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!