අධික වර්ෂාව හේතුවෙන් මාවිල්ආරු සොරොව්ව පුපුරා යෑමට ආසන්න විය. දහස් ගණනක් මිනිස් ජීවිත වතුරට බිලි වීමට යන මොහොතේ රාත්‍රී 10.00 සිට පාන්දර 3.00 වන තෙක් ප්‍රදේශවාසීන් දැනුම්වත් කළේ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේය.
මාවිල්ආරු සොරොව්ව කඩා වැටුණොත් ආසන්නම ගම්මානවල ජීවිත රැසක් ජලකඳට බිලිවන බව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ දැනුම්වත් කර අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබීය. එසේම මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කර මුළු ප්‍රදේශයේම ජනතාව පන්සලට කැඳවා ආහාරපාන සහ නවාතැන් සපයා දෙනු ලැබීය. මෙලෙස සේරුවිල සහ මාවිල්ආරු ප්‍රදේශයම බේරාගැනීමට උන්වහන්සේ කළ කැපවීම ඉමහත්ය.
Source – Dinamina







