BREAKING NEWS
Search

සෙවනගල ගල නාමල්ගෙ වැඩක් – අතහිත උගන්ඩාවෙන්..!

3412

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝග්‍රෑම් 170ක් බරැති ගල තම හෙලිකොප්ටරය මගින් ප්‍රවාහනය කර, පසුව තම ලැම්බෝගිනි සහ අශ්ව කරත්තයක් යොදාගෙන කර්මාන්තශාලාවට ‌ගෙන ගිය බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය මුදල් උගන්ඩාවේ සඟවා තිබූ මුදල් බව ද ඔහු ප්‍රකාශ කළේය.

කර්මාන්තශාලාවට කළ නිරීක්ෂණ චාරිකාවකදී ඒ් මහතා මෙම අදහස් පළ කළේය.

තවද, රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, වත්මන් රජය රටේ කර්මාන්ත විනාශ කරමින්, තම හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

මේ තත්ත්වය සෙවනගල සීනි කර්මාන්තශාලාවට පමණක් නොව, හම්බන්තොට ලුණු කර්මාන්තශාලාවට ද බලපා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!