සෙවනගල සීනි සමාගම ඉන්දීය සමාගමකට පවරා දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව ලංකාදීප පුවත්පතට වාර්තා කරයි.
වාර්තාවට අනුව, අදාළ ඉන්දීය සමාගමේ නියෝජිතයන් මෙම මස 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
මෙම තත්ත්වය හේතුවෙන් සෙවනගල සීනි සමාගමේ නිලධාරීන් මත බලධාරීන් විසින් දැඩි පීඩනයක් යොමු කර ඇති බවට ද එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, සෙවනගල සීනි සමාගම කිසිදු අවස්ථාවක විකිණීමට සූදානම් නොමැති බවයි.
එමෙන්ම, ගිනිගත් උක් දඬු පවා ගොවීන්ගෙන් මුදල් ගෙවා මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා ඇත.
මිලදී ගැනීමේදී ආයතනයට පාඩුවක් සිදුවන බව පිළිගත් අමාත්‍යවරයා, එම පාඩුව ගොවීන් අතර සමසේ බෙදී යන පරිදි අමු උක් ටොන් එකක් රුපියල් 9000කට මිලදී ගන්නා බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Lanka C News







