BREAKING NEWS
Search

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් කිහිපයක්

209

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් අගනුවර වැසී ඇති බව සඳහන්.

පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට ‍වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇත.

“ඒවා හරිම ප්‍රබලයි. පිපිරීමෙන් පස්සේ මගේ ජනේලය සෙළවුනා” එරට වාර්තාකරුවන් පවසයි.

මේ වනවිට නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර, පිපිරීම්වලින් පසු වෙනිසියුලානු අගනුවර අහසේ ගුවන් යානාවල ශබ්දය ඇසෙන්නට වී ඇත.

පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා වෙනිසියුලාවට අනතුරු අඟවා තිබුණේ, එරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය.

ඒ හේතුවෙන් ළඟදීම ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන බවටත් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!