BREAKING NEWS
Search

සෙව්වන්දිගේ සහෝදරයා ඇප මත නිදහස්..

1152

ගනේමුල්ලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්මේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බාල සහෝදරයා ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා (17) නියෝග කළේය.

මාස අටකට ආසන්න කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි චමිඳු තිවංක වීරසිංහ නමැති එම සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක මුදල් හා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

සිය සේවාදායකයා එකී අපරාධයට කිසිදු ආකාරයකින් සම්බන්ධ වූ බවට මෙතෙක් සිදුකළ විමර්ශන අනුව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අත්අඩංගුවට ගැනීමට පාදක වූ එකම කරුණ වන්නේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ සහෝදරයකුවීම පමණක් වන බවත් යැයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිදන්ත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම් පිළිගත් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම ඇප නියෝගය නිකුත් කළේය.

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම තරුණයා මෙන්ම ඔහුගේ මවද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බවත් ඔහුගේ මව ද බන්ධනාගාරගතව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් මත මියගිය බවත් එහිදී නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඒ.ජේ.ඒ. අබේනාය

Source –  lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!