BREAKING NEWS
Search

ඔහු නැති වූ දා පටන් සිංදු කියන එකත් නවත්තලා දාපු, අවුරුදු 15ක් පුරා බොරැල්ලේ කනත්තට එන, සැමියා වෙනුවෙන් පරිත්‍යාගශීලි බිරිඳක් වූ ඇය…

554

 

 

තමන්ගේ ආදරණීය ස්වාම් පුරුෂයා මිය ගිය දවස අමතක නොකර ගෙවී අවුරුදු 15 තුළදීම බොරැල්ල කනත්තට ඇවිත් ස්මාරකය ළග මල් කළඹක් තියලා පහණක් පත්තු කරල යන්න, ගායිකා නිරංජලා සරෝජිනී අමතක කළේ නැහැ.

ඊයෙත් (26) ඇය ඒ් විදියටම ආවා.

ඇයගේ ස්වාමි පුරුෂයා අපේ සිටි විශිෂ්ටම ගායන ශිල්පියකු වූ අබේවර්ධන බාලසූරිය බව ඔබ දන්නවා. ඔහු ඔබ අප ඇලුම් කරන ජනප්‍රිය ගීත රාශියක් ගැයූ ගායකයෙක්. ‘දේදුනු රන් පැහැය එළා, දිනෙක මතුදා, නදිශානී, රැළකින් තනිවී, මගේ හිත පිරී තිබෙන්නේ, විහගක වූ ඔබ, අනුරාධපුරය ඔබයි, මං නැතිදා, සිහිවටනය සේ කුමක් ලියන්නද, බවයෙන් බවේ පැතුමන් පැතුමන් පුරා, බොද මීදුම් කදුරැල්ලේ, කල්පනා ලොව මල්වනේ, වැනි ගීත ඒ් අතරින් කීපයක්

ඔහු මිය ගියේ 2010 මාර්තු මාසේ 26 වැනිදා. ඒ් දවස බිරිද නිරංජලාට කවදාවත් අමතක වෙන්නේ නැහැ.අමතක කරන්නෙත් නැහැ. ඒ් විතරක් නෙමෙයි රසික හදවත් ආදරයෙන් වැළදගත් මියුරු ගීත රාශියක් ගැයූ ඇය තම සැමියාගේ වියෝවෙන් පසු ගායන ජීවිතයටද ආයුබෝවන් කිව්වා.එදා ඉදල ඇය කවදාවත් සිංදු කියන්න හිතුවේ නැහැ. ඒ්ක පුදුම ප්‍රතිපත්තියක්. ඇයි සිංදු කියන්නේ නැත්තේ කියලා හැමෝම අහනකොට ඇය ආදරණීය විදියට මෙහෙම කිව්වා.

‘ඒ්ක අබේගේ වියෝවෙන් පස්සේ මම හදවතින්ම ගත්ත තිරණයක්..එයා නැතිව මම සිංදු කියන්නේ නැහැ..”

බිරිදක් මේ තරම් පරිත්‍යාගයක් සැමියකු වෙනුවෙන් කරනවද කියලා වෙලාවකට ඔබට හිතේවී. නිරංජලා සරෝජිනී විශිෂ්ට ගායිකාව ඒ්ක කළා. ගායනා තරගවල විනිශ්චය මණ්ඩලයේ සමාජිකාවක් හැටියට ඇය සිටියත් සිංදු කියන්න නම් ගියේ නැහැ. ජාතික රූපාවාහිනියේ ප්‍රවාත්ති වගේම කාලීන සිදුවීම් වැඩ සටහන්වල කලක් නිවේදිකාවක් හැටියට වැඩ කළ නිසා ඒ්වාට පමණක් ඇය දැනුත් සම්බන්ධ වෙනවා.

“ මම අවුරුදු ගණනාවක් හැම මාසයකම 26 වැනිදට පුරුද්දක් විදියට කනත්තට ආවා. ඒ්ත් බොහෝ දෙනෙක් මට අවවාද කළා, එහෙම යන්න එපා කියලා. අන්තිමට ඒ් පුරුද්ද මම නවතා දැම්මා.ඒ්ත් මට හිතුනම එනවා. විශේෂයෙන් 26 දවස මට අමතක කරන්න බැහැ.” ඇය කියනවා.
ඊයේ දවස නම් ඇයට තවත් විශේෂයි. ඒ් ඔවුන් විවාහයේ සංවත්සර දවසත් ඒ් දවසම වීම නිසා.

“ අපි විවාහ වුණේ අගෝස්තු 26 වැනිදාවක. ඊයේට අවුරුදු 44 ක්. ඉතින් ඒ් දවසත් මගේ මතකයට ආවා. ඇය හැගුම්බරව කිව්වා.

ඉතින් ඒ් කාළේ ඇය තමන්ගේ ආදරය ගැන ගැයූ ගීතයකුත් අපට මේ මොහොතේ මතක් වුණා. ගායිකා නිරංජලා සරෝජිනී වෙනුවෙන් එදා මේ ගීතය ලිව්වේ ප්‍රවීන ගිත රචිකාවයක් වන දයා ද අල්විස්. සංගීතය නිර්මාණය කර දුන්නේ එච්.එම්. ජයවර්ධන. විවේකී වෙලාවක ගූගල් එකට ගිහින් මේ ගීතය අහන්නකෝ. ඒ්ක ඒ් තරම්ම රසවත් ගීතයක්.

ළා සද එළියේ නා පෙති හැලිලා
නාමල් සුවදයි විහිදෙන්නේ
මා දිවි රැය සුවදින් මල් පුබුදා
සද දිය ඉල්ලයි හිමි සදුනේ//
මවත් ඔබයි මගෙ
පියත් ඔබයි මගෙ
පිළිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබවේ
ඔබගෙනි සැප දුක විමසන්නේ
ළා සද එළියේ…..
නා පෙති සිඹලා තරු එළි නිවලා
සදවත සැතපෙයි මල් යහනේ//
ඔබේ දෙපා මත හිස රද වන්නම්
පළමු වතාවට හිමි සදුනේ
ඔබේ දෙපා මත හිස රදවන්නම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්….

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!