BREAKING NEWS
Search

එදා කීර්ති පැස්කුවෙල්ගේ සඳලතා ගීතයෙන් මොහොතකට සතුටු වූ ඇය අද නොඑන ගමන් ගිහින්…! රටක් සංවේදී කල පුවත මෙන්න

3952

 

කාගේත් ආදරය දිනාගත්ත ගායකයෙක් ලෙස කීර්ති පැස්කුවෙල් කා අතරත් ජනප්‍රිය චරිතයක්..

මත් වගේ ඔහු තමන්ට ආදරය කරන රසික රසිකාවියන්ට පෙරළා ඒ ආදරය ලබාදෙන්න මැලි වෙන්නේ නැහැ…

විශේෂයෙන්ම ඇතැම් විට ඔහුගේ ආදරය ලැබීමට මග බලා සිටින අසරණ රෝගීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නත් ඔහු මැලි වෙන්නේ නැහැ..

එවැනිම තවත් දියණියක් ඔහු සොයා ගියේ පසුගිය් දිනකයි.. ඒත් අද වෙනකොට ඇය සියලු දෙනා හැරදා ගිහින්..

ඒ දුක්මුසු පුවත ගැන ආදරණීය ලයාන්විතයා ඔහුගේ මුහුණුපොතේ පළ කර තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.
එදා මා ඇයව දකින්නට ඇය සමීපයට ගොස්, ඇගේ කැමතිම “සඳලතා” ගීතය ගායනා කලා.
ඇයව මොහොතකට හෝ සතුටු කරා.
බලන්න ඒ මොහොතේ ඇය කොතරම් සතුටකින් හිටියද…
නමුත් ඒ ඉතා අවාසනාවන්ත කණගාටුදායක ආරංචිය අද උදෑසනම අසන්නට ලැබුනා.
ඊයේ රාත්‍රියේ සුබෝධා දියණිය අපෙන් සදහටම සමුගත් පුවත.
කොහොම දරාගන්නද..
අවුරුදු 24 තරම් වයසකදී ඇයව අපෙන් උදුරාගන්නට තරම් ඇගේ දෛවය කුරිරු වුයේ කෙසේද?
ආදරණීය සුබෝධා දුවේ….ඔබට මේ සසර පුරාවටම මතු උපදින හැම ආතමයකදීම මෙවන් අකල් මරණයක් උදානොවේවා…!!!
මා පමනක් නොවෙයි ඔබට ආදරය කරන හැමකෙනෙකුගේම පැතුම එයයි.
මගේ දියනියේ ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!